
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළගේ යහපාලන ආණ්ඩුව සමයේදී, වංචා සහ දූෂණ නඩු සිය ගණනක් පිළිබඳ පරීක්ෂණ නතර කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවැසීය.
“මම යහපාලන රජය සමයේ දූෂණ විරෝධී ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. අපට පැමිණිලි 1,200ක් ලැබුණු අතර ඉන් 500 ක් අල්ලස් කොමිසම, FCID සහ CID වැනි විවිධ ආයතන වෙත විමර්ශන සඳහා යොමුකරනු ලැබුවා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම යම් යම් දේශපාලන ගනුදෙනුවලට එළඹීමෙන් පසු මේවායින් බොහොමයක් නතර කළා. කෙසේවෙතත්, වත්මන් රජය මෙම පැමිණිලි බොහොමයක් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා” අමාත්‍යවරයා සඳහන් කළේය.
මූල්‍ය අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විවිධ පුද්ගලයන් උපය ගත් රුපියල් බිලියන ගණනක වත්කම් වත්මන් ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බව ඔහු පැවැසීය.
“මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් බිලියන 4.5 ක් සහ මූල්‍ය අපරාධවලින් උපයා ගත් රුපියල් බිලියන 1.05ක් මේ දක්වා රාජසන්තක කර තිබෙනවා” අමාත්‍යවරයා අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart