
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල වාතයේ පවතින අධික දූවිලි මට්ටම හේතුවෙන් ඇදුම රෝගයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව වෛද්‍යවරු පවසති.
එම ළමුන්ගෙන් සැළකිය යුතු පිරිසක් රෝහල්වලට ඇතුළත් වන බව ද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
එමෙන්ම, ඔහු පෙන්වාදෙන්නේ රෝහල තුළ ඇදුම රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, විශේෂයෙන් රාත්රියේදී තම දරුවාට දිගින් දිගටම කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මව්පියන් කටයුතු කළ යුතු බවයි.
ළමා ඇදුම සඳහා වඩාත් ඵලදායී ප්‍රතිකාරය inhalers සහ steaming කිරීම බව පෙන්වාදෙන වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ, ඒවා භාවිත කිරීම පිළිබඳ බියක් ඇති කර නොගත යුතු බවයි.
දැනට පැවැත්වෙන ක්‍රීඩා තරඟ සහ පාසල් ක්‍රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි අතර, එමගින් ඔවුන්ගේ ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානම වැඩිවිය හැකි බවටද ඔහු අනතුරු අඟවයි.
එමෙන්ම වෛද්‍ය දීපාල් පෙරේරා නිර්දේශ කරන්නේ, සම වියළීම වැළැක්වීම සඳහා අවම වශයෙන් උදෑසන සහ සවස විනාඩි 20ක්වත් දරුවන් ස්නානය කළයුතු බවයි.
පවතින වියළි කාලගුණය තුළ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා හැකිතාක් නිවෙස් තුළ තබාගැනීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart