February 27, 2025

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවේචනය කරමින් කියාසිටියේ, ඔහු පැහැදිලිව ‘හිඟන්නෙක්’ බවයි.

“ඔහුට ජනාධිපති උපදේශකයින් 39 දෙනෙක් සිටියා. ජනාධිපතිවරයෙකු සියල්ල නොදන්නා නිසා උපදේශකයින් සිටීම සාධාරණයි. නමුත් උපදේශකයින් 39 දෙනෙක් සිටීමට නම්, ඔහුට කිසිවක් ගැන කිසිසේත් දැනගත නොහැකියි” යැයි හර්ෂණ නානායක්කාර පැවසීය.

‘අධ්‍යක්ෂ’ වැනි තනතුරු භාවිත කරමින් උපදේශක ධාරිතාවයෙන් අවම වශයෙන් පුද්ගලයන් 67 දෙනෙකු තනතුරු සඳහා රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබූ බව අධිකරණ amathiwarayaaa අනාවරණය කළේය.

“ඔබ මෙම තනතුරු දෙස බැලුවහොත්, ඒවායේ කාර්යභාරයන් අමාත්‍යාංශ ලේකම්වරයාට කළ හැකිව තිබූ දේවල්”

ඔහු පැවසුවේ මෙම උපදේශකයන්ගෙන් ඇතැමකුට අදාලව, ඔවුන්ගේ වැඩ විෂය පථය පිළිබඳ ලියකියවිලි පවත්වා ගැනීමට පසුගිය පරිපාලනය අපොහොසත් වී ඇති බවයි.

“පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකයෙකු වන්නේ ආශු මාරසිංහ ය. ආශු මාරසිංහ පාසල් යන විට වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටි නිසා ඔහුට පාර්ලිමේන්තුව ගැන රනිල් වික්‍රමසිංහ මහතාට ඉගැන්වීමට සිදුවීම හාස්‍යජනකය.” යැයි අධිකරණ ඇමතිවරයා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ සිය සමීප සගයන් නිෂ්ඵල තනතුරුවලට පත්කර ඇති බවට චෝදනා කරමින්, ඔවුන්ගේ භාවිතය සඳහා සුඛෝපභෝගී වාහන ද ලබා දී ඇති බව හර්ෂණ නානායක්කාර අනාවරණය කළේය.

“ඔවුන්ගේ දීමනා සඳහා මුළු රුපියල් මිලියන 59 ක් වැයකර තිබෙනවා” අධිකරණ අමාත්‍යවරයා හෙළි කළේය.

එම තත්වයන් සමග සංසන්දනාත්මකව අදහස් දක්වමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකට උපදේශකයන් තිදෙනකු පමණක් සිටින බවත්, ඔවුන් ස්වේච්ඡාවෙන් තම සේවාවන් ලබා දී ඇති බැවින් කිසිදු වියදමක් දරා නොමැති බවත් අමාත්‍ය නානායක්කාර වැඩිදුරටත් පාර්ලිමේන්තුවට පැවැසීය.