
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාපාර නාමවල ‘මූල්‍ය’ (Finance) යන වචනය භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිත නොකළ යුතු බවයි.
එමෙන්ම පනතේ 56(4) වගන්තිය ප්‍රකාරව, එම ප්රතිපාදනය උල්ලංඝණය කරන හෝ ඊට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ඕනෑම තැනැත්තකු පනත යටතේ වරදකට වරදකරු වන බව ද මහ බැංකුව පෙන්වාදෙයි.
මේ අතර, ඉහත කී නීතිමය අවශ්‍යතාවයට අවනත වන ලෙස මහජනතාවට දැඩි ලෙස අවවාද කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart