
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සළකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මෙන්ම සෙසු දේශපාලන පක්ෂද බැරෑරුම් ලෙස සැළකිය යුතු බවයි.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බැවින්, ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් මේ පිළිබඳව දැන්ම අවධානය යොමු කළ යුතුයි,” රනිල් වික්‍රමසිංහ ඊයේ සිය කාර්යාලයේදී තරුණ සැසියක් අමතමින් පැවසුවේය.
“රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමඟ ගෝලීය දේශපාලනය මාරුවක් සිදුව තිබෙනවා. රුසියානුවන් ඔවුන්ගේ අරමුණු ජයගැනීම සඳහා කැපකිරීම් කර තිබෙනවා. නැපෝලියන් පරාජය කිරීම සඳහා ඔවුන් ඔවුන්ගේ අගනුවර ගිනිබත් කළා. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සම්බන්ධයෙන් බොහෝ යුරෝපීය ජාතීන් නිහඬව ඉන්නවා. යුක්රේනයේ ජනාධිපතිවරණය නොපැවැත්වීම ගැන ඔවුන් නිහඬයි. යුද නීතිය ක්‍රියාත්මක වනවිට මහමැතිවරණය කල්දැමීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙනවා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණය ගැන කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. පළමු ලෝක යුද්ධය සහ 2 වැනි ලෝක යුද්ධය අතරතුර එක්සත් රාජධානිය ඔවුන්ගේ මැතිවරණය කල්දැමුවා. මෙය සිදුකෙරුණේ පාර්ලිමේන්තුවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහය ඇතිවයි. අගමැති වින්ස්ටන් චර්චිල් අගමැති වූයේ කොන්සර්වේටිව්, කම්කරු සහ ලිබරල් පක්ෂ සාමාජිකයන් පාර්ලිමේන්තුවේදී ඔහුට ඔල්වරසන් දීමෙන් පසුවයි. එක්සත් රාජධානියේ ලිඛිත නීතියක් නැහැ, ” යැයි ඔහු සිහිපත් කළේය.
“ශ්‍රී ලංකාවේ අපි මැතිවරණ පැවැත්වූයේ උතුරේ එල්.ටී.ටී.ඊ.යත් දකුණේ ජනතා විමුක්ති පෙරමුණත් සටන් කරන කාලයේයි. ශ්‍රී ලංකාව නියමිත වේලාවට මැතිවරණ පවත්වා තිබෙනවා. අපි 2024 මැතිවරණය පැවැත්වූ අතර දැනට බලයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පාලනයක්. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණය ජයග්‍රහණය කළා පමණක් නොව ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන අතර, ඔවුන් ශ්‍රී ලංකාවට සළකන්නේ වෙනස් ආකාරයකට. විශේෂයෙන්ම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනඒමට නියමිත බැවින් වත්මන් ආණ්ඩුව සහ අප සියලු දෙනාම මෙම තත්ත්වය සැළකිල්ලට ගත යුතුයි.” රනිල් වික්‍රමසිංහ පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart