February 26, 2025

ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) බලාත්මක කිරීම මාස හයකින් ප්‍රමාද වී ඇති අතර, රජය විසින් ඒ සඳහා රාජ්‍ය අංශයේ පවතින සූදානම පිළිබඳ අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රමාදය තහවුරු කර ඇති අතර, රජයේ සෑම තරාතිරමකම පූර්ණ සහායක් ලබාගැනීම සහතික කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය බව අවධාරණය කර තිබේ.

2025 මාර්තු 18 දින සිට බලාත්මක වීමට නියමිතව තිබූ පනත, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සංශෝධනවලින් පසුව පසුව ක්‍රියාත්මක වනු ඇත.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට අනුව ප්‍රමාදයට හේතුවී ඇත්තේ, බලාත්මක කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ මානව සහ තාක්ෂණික යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වන බවට බහු පාර්ශ්වකරුවන්ගෙන්, විශේෂයෙන් රාජ්‍ය අංශයෙන් කළ ඉල්ලීම් වේ.

‘බොහෝ පාර්ශ්වකරුවන්, විශේෂයෙන්ම රාජ්‍ය අංශයෙන්, ඔවුන්ගේ මානව සහ තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති අතර, එවිට ඔවුන්ට පනතේ බලාත්මක කිරීමේ විධිවිධානවලට සම්පූර්ණයෙන්ම අනුකූල වීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ’ යනුවෙන් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

දකුණු ආසියාවේ පළමු විස්තීර්ණ දත්ත ආරක්ෂණ නීති සම්පාදනය ලෙස, ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සැලසුම් කර ඇත්තේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය කරමින් පුරවැසියන්ගේ දත්ත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාය.

කෙසේවෙතත්, රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන “කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සඳහා පෞද්ගලික අංශයට සමාන තාක්‍ෂණික තේරීම් කිරීමේදී වඩාත් නම්‍යශීලී වීමට” ඉඩදෙන ලෙස සංශෝධන ඉල්ලා ඇත.