
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොමග යැවීමට හෝ රැවටීමට තුඩුදෙන අයුරින් සත්ව ආහාර සදහා නිකුත්කර ඇති කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සදහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කළ සත්ව ආහාර නිෂ්පාදකයකු සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව කුලියාපිටිය හෙට්ටිපොළ පාර, නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ අමරපති මුදියන්සේලාගේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අයට මාස හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ රුපියල් දසදහසක දඩ මුදලක් නියම කර ඇත.
2019 ජනවාරි මාසයේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 2019.01.12 දින මෙම වැටළීම සිදුකර ඇත.
දේශීය කිරිපිටි නිෂ්පාදකයකු විසින් සත්ව අහාර සදහා අලෙවිකරණ ලද එම කිරිපිටි මෙම සත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදීගෙන සත්ව ආහාර සදහා භාවිත නොකරමින් මනුෂ්‍ය පරිභෝජනය සදහා නැවත ඇසුරුම් කරන බවත් ඒවායෙහි මුල් ඇසුරුම ඉවත්කර ව්‍යාජ නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින ඇතුලු තොරතුරු ඇතුළත් කරන ලද නව ඇසුරුම්වලට නැවත අසුරන බවත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.
එමෙන්ම අදාළ ව්‍යාපාරිකයා විසින් කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති බවත් ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ එම අවස්ථාව වන විටත් අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සදහා අලෙවිකර අවසන්ව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බැවින් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව 2019 ජනවාරි මස 18 දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
ඒ අනුව, වසර පහක පමණ දීර්ග නඩු විභාගයකින් පසුව අදාල ව්‍යාපාරිකයා වරදකරු බවට අධිකරණය මගින් තීන්දු කර මාස 4 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ රුපියල් 10,000.00 ක දඩ මුදලක්ද නියම කරන ලදී.
අදාළ භාණ්ඩ තොගය වන පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මෙට්‍රික් ටොන් 160 ක ප්‍රමාණයද අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටද නියම කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart