
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සියලුම බන්ධනාගාරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
එහි එක් අදියරක් ලෙස බන්ධනාගාර බලධාරීන් විසින් බන්ධනාගාර පරිශ්‍රය තුළ සිට ජංගම උපාංග අතර සම්බන්ධතා සහ ඒවායේ සංඥා මූලාශ්‍ර අතර පවතින සම්බන්ධතා කඩාකප්පල් කිරීම සඳහා නිර්මාණය කර ඇති නවීනතම උපකරණ (jamming devices) ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.
බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා මෙලෙස නවීන තාක්‍ෂණය භාවිතය ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ පසුගියදා අධිකරණ ශාලාවක් කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ලේ සංජීව ඝාතනය කීරීමත් සමඟයි.
මේ අතර බන්ධනාගාර නිලධාරීන් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කරන්නේ, දැනටමත් බන්ධනාගාර තුළ එවැනි ජෑමර් සවි කර ඇතත්, ගොඩනැගිලි තුළ පවතින ව්‍යුහාත්මක අභියෝග හේතුවෙන් දුරකථන සම්බන්ධතා අවහිර කිරීමට ඒවා සම්පූර්ණයෙන් ඵලදායී වී නොමැති බවයි.
ඊට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය දැනට පවතින තාක්ෂණය වැඩිදියුණු කිරීම ඇතුළු ආරක්ෂක ක්‍රියාමාර්ග තර කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
දැනට පවතින ජෑමර් යන්ත්‍රවල අකාර්යක්ෂමතාව නිසා රැඳවියන්ට ජංගම දුරකථන හරහා බාහිර පාර්ශ්ව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ රැඳවියන් මත්ද්‍රව්‍ය ජාල ක්‍රියාත්මක කිරීම සහ සිරමැදිරිය තුළ අපරාධ මෙහෙයවීම අඛණ්ඩව සිදු කරන බව වාර්තා වී තිබේ.
බන්ධනාගාරවල, විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බූස්ස වැනි අධි ආරක්‍ෂිත බන්ධනාගාරවලින් ජංගම දුරකථන සොයාගැනීම් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වේ.
රට තුළ මේවනවිට එළිමහන් රැඳවුම් මධ්‍යස්ථාන 10 ක් ඇතුළුව බන්ධනාගාර 28 ක් පවතී.
ඒවායෙහි රැඳවියන් 29,500ක් සිටින අතර ඉන් 1,200ක් කාන්තාවන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart