February 26, 2025

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 36 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ පත්තණ්ඩුවන හන්දිය ආසන්නයේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද පොලීසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ.