
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) පසුබෑම සම්බන්ධයෙන් මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ වාර්තා පළවෙමින් තිබේ.
ඇතැම් වාර්තා සිංහල ක්‍රීඩා සමාජයේ පසුබෑම මෙරට දේශපාලන කරළියේ රාජපක්ෂ පාලනයට සමාන කර දක්වයි.
දශක කිහිපයක් මෙරට දේශපාලනයේ ආධිපත්‍ය දැරූ රාජපක්ෂවරුන් මෙන්ම, දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළින්ම වැජඹුණු SSCය පසුගිය සතියේදී ඔවුන් 2 වැනි කොටසට පහළට ඇද වැටී ඇතැයි ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රාජපක්ෂවරුන් පසුගිය මහමැතිවරණයේදී දරුණු ලෙස පරාජයට පත් වූ ලෙසම SSCය දැවැන්ත පසුබෑමකට මුහුණ දී සිටියි.
දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක වැනි හිටපු ශ්‍රී ලංකා නායකයන් මෙන්ම වත්මන් එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක ද SSC සංචිතයේ සිටින ප්‍රබලම සාමාජිකයන්ය.
ඊට අමතරව ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, නුවනිඳු ප්‍රනාන්දු, ෂෙවෝන් ඩැනියෙල්, ප්‍රොමෝද් මධුෂාන් ඇතුළු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් SSC සතුව සිටි නමුත් වසර 125ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දැවැන්තම ක්‍රිකට් සමාජය ඉදිරියේදී දෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ඇත.
ඉතින්, SSC ට වැරදුණේ කොතනද? ඔවුන්ගේ තරග වාරය දෙස ආපසු හැරී බලන විට වඩාත් කම්පන සහගත ප්‍රතිඵලයක් වූයේ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය හමුවේ ඔවුන්ට අන්ත පරාජයක් ලැබීමයි.
කුරුණෑගල හමුවේ පරාජය වීමෙන් පසුව, SSC කණ්ඩායම Burgher Recreation Club (BRC) වෙතින් ඉනිමක පරාජයක් ලැබීය.
අර්ජුන රණතුංගගේ සිට මහේල ජයවර්ධන දක්වාත් ඉන් අනතුරුව චරිත් අසලංක දක්වාත් සුපිරි ක්‍රීඩකයන් සැමදා SSC හි සිටි නමුත්, මෙම ක්‍රීඩකයන් බොහෝදෙනෙකු ජාතික මට්ටමේ තරග සඳහා කැඳවිය හැකි බව සමාජය සැමවිටම දැනසිටියේය.
ජාතික ක්‍රීඩකයන් අන්තර්ජාතික තරඟ සඳහා පිටත්ව යන විට ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කිරමට පළපුරුදු වෙනත් ක්‍රීඩකයන් අතීතයේ සූදානම් කර තිබූ නමුත්, මෑත කාලිනව එම ප්‍රවණතාව දක්නට නොමැති විය.
කෙසේවෙතත්, SSC හි මෙම ලැජ්ජාසහගත ඇදවැටීම පළමු පෙළ අනෙකුත් සියලුම කණ්ඩායම්වලට විශාල පාඩමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart