
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී සිදුවූ ‘ගණේමුල්ල සංජීව’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය තවදුරටත් මහජන සහය අපේක්ෂා කරයි.
ඒ අනුව පොලීසිය අද ඇයගේ නව ඡායාරූප දෙකක් නිකුත් කර තිබේ.
සැකකාර කාන්තාව අංක 243/01, ජය මාවත, මීගමුව පාර, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචි 25 හැවිරිදි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය බවට හඳුනාගෙන ඇති අතර ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය 995892480V බව ද පොලීසිය පවසයි.
නීතීඥවරියක ලෙස පෙනීසිටි සැකකාරිය රිවෝල්වරයක් අධිකරණ සංකීර්ණය තුළට රැගෙන ගොස් ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තුවක්කුකරුට ලබාදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකාරිය සිටින ස්ථානය පිළිබඳව තොරතුරක් දන්නේ නම් 071-8591727 යන දුරකථන අංකය ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා හෝ 071-8591735 යන අංකය ඔස්සේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අමතන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇති බව පොලිසිය පවසයි.
එවැනි තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය දැඩි ලෙස රහසිගතව තබා ගන්නා බවද පොලීසිය දැනුම් දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart