
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මීට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.
මෙම නඩුව අද කැඳවනු ලැබුවේ ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.
එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළේ, තම සේවාදායකයාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පෙන්වාදෙමිනි.
එබැවින් මෙම පෙත්සම් විභාගය කඩිනම් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය මැයි මස 06, 07 සහ 08 යන දිනවල සිදුකිරීමට නියම කළේය.
පෙත්සම්කරුවන් අතරට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් ඇතුළත් වේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ නීති විරෝධී බවට ඔවුහු තර්ක කරති.
එම නිර්දේශ මත පදනම්ව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස පෙත්සම්වලින් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart