
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ Adani Green Energy Ltd මන්නාරම සහ පුනරීන් සුළං බලාගාර දෙකක් සඳහා කළ ආයෝජනය ඉවත් කර ගත්තේද යන්න පිළිබඳව සති දෙකක් ඇතුළත නිල දැනුම්දෙන ලෙස ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය Adani Green Energy Sri Lanka Ltd වෙතින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ ආයෝජනය කුමක්ද සහ ඔවුන් ආයෝජනය කරන්නේද යන්න පිළිබඳව සති දෙකකින් පිළිතුරු දෙන ලෙස දේශීය සමාගමට ලිඛිතව දැනුම් දී තිබෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල Sunday Times වෙත
පවසා තිබේ.
එමෙන්ම අදානි සමාගම ආයෝජනය ඉවත් කර ගන්නේ නම් එම ව්‍යාපෘතිය අවලංගු කිරීමට සිදුවන බව ද දන්වා ඇති බව පැවසේ.
පෙබරවාරි 12 වැනි දින, Adani Green Energy Ltd කොළඹ ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමුකරමින් පවසා තිබුණේ, ශ්‍රී ලංකාව නව කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පිහිටුවීමට නියමිත බව දැනගත් පසු, මෙම ව්‍යාපෘතියෙන් ගෞරවාන්විතව ඉවත් වීමට තීරණය කළ බවයි.
එම ලිපිය ජනමාධ්‍ය වෙත අනාවරණ වීමත් සමග ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබිණි.
එහෙත් එම ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශයට නිල වශයෙන් දන්වා නොමැති බව පැවැසේ.
Adani Green Energy Ltd ආයෝජන මණ්ඩලය සමඟ කටයුතු කරන අතර, අමාත්‍යාංශයේ ගනුදෙනු දේශීය සමාගම වන Adani Green Energy Sri Lanka Ltd සමඟ සිදුකෙරෙයි.
පුනරීන් බලාගාරය සඳහා බලශක්ති බලපත්‍රයක් දැනටමත් නිකුත්කර ඇති අතර, මන්නාරම බලාගාරය සඳහා තාවකාලික අනුමැතිය ලබාදී ඇත.
“නීත්‍යානුකූලව, අපගේ ගිවිසුම් දේශීය සමාගම සමඟ පවතින අතර ඔවුන් අපට පවසන්නේ ඉන්දියානු සමාගම ආයෝජනය අඛණ්ඩව කරගෙන යන බවයි. නමුත් ඉන්දීය සමාගම පවසා ඇත්තේ ඔවුන් ආයෝජනය ඉවත් කරගත් බවයි. ආයෝජනය නොමැති නිසා මෙතැන් සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බැරි බව දේශීය සමාගම අපට කියන්න ඕනෑ. ඔවුන් තවමත් අපට ඒ බව පවසා නැහැ. අපට නීතිමය දැනුම්දීමක් ලැබෙනතුරු අපට කිසිවක් කිරීමට නොහැකියි.” බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart