February 24, 2025

විදෙස් රටක නිෂ්පාදනය කරන ලද බැරල් දෙකේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමග මත්තලදී අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත මුදාහරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙලෙස ඇප මත මුදාහැරුණේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සිරිල් මුණසිංහ නමැති පුද්ගලයෙකි.

සැකකාර හිටපු සභාපතිවරයාට අයත් මත්තල ගම්මිරිස් වගාවක් පිටුපස ඇති නිවෙසකදී මෙම ගිනිඅවිය සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දේශපාලනයේ නිරතවූවකු වන අතර, මීට පෙරද GI බට සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.