
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනියම් පෙම්හබයක් සම්බන්ධයෙන් කරණවෑමියෙක් පැහැරගෙන ගොස් ගල්ගුගුහාවක රඳවා පහර දී ඇති සිද්ධියක් සම්බන්ධ මාතලේ පොලිසිය මගින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන, මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ කැලෑවක ගල්ගුහාවකදී අමානුෂික අන්දමින් කපා කොටා කළු ගලකින් හිසට බරපතල හානිකර පළාගිය සිද්ධියේ සැකකරුවන් මාතලේ මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 22දා අත්අඩංගුවට ගෙන ඇත .
කොරියාවේ වෙසෙන අයෙකුගේ ලබාගත් රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත මෙම පැහැරගැනීම සහ වධහිංසා පැමිණවීම සිදුකර තිබේ.
කොරියාවේ වෙසෙන පුද්ගලයකුගේ බිරිඳගේ අනියම් සබඳතාවක් මෙම පැහැරගැනීමට හේතු වී ඇති බව මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.
පැහැරගෙන ගොස් කපා කොටා අමානුෂික වද හිංසා පැමිණි වූ පුද්ගලයන් මාතලේ නගරයේ කරණවෑමියන් දෙදෙනකු වන බවත්, මේ වනවිට එම පුද්ගලයන් අසාධ්‍ය තත්ත්වයෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
පුද්ගලයන් පැහැරගැනීමට කළු පැහැති වෑන් රියක් යොදාගෙන ඇති බවත්, එම වාහනය රාගම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් කුලියට ගත් රියක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, මේ වනවිට එම වෑන් රථයද පොලිසිය බාරයට ගෙන තිබෙන බවත් පොලිසිය පවසයි.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් ඝාතනය කිරීමේ අරමුණ ඇතිව මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවත්, හිසට කලුගල පතිත කිරීමෙන් අනතුරුව ඔවුන් මරණයට පත්වන්නට ඇතැයි සිතූ සැකකරුවන් පළාගොස් බියගම සහ ලග්ගල ප්‍රදේශවල සැගව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධියේ මහමොළකරු ලග්ගල ප්‍රදේශයේ ටිපර් රථ රියදුරකු බවට හදුනාගෙන ඇති අතර, සැකකරුවන් මාතලේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජාලිය ධර්මකීර්ති හමුවට පමුණුවන ලදුව ලබන 06වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart