February 23, 2025

ඊයේ(22) රාත්‍රී කාලයේ හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේදී තරුණියක් අත්අඩංගුවට ගෙන ඇත.

හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමේදී, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, පිස්තෝල පතරොම් 02ක් හා කඩු 02 ක් සමඟ මෙම සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 26ක් වන වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.