February 22, 2025

රුපියල් බිලියන 3.5 ක එකතු කළ අගය මත බදු (VAT) ගෙවීම පැහැරහැරීමේ චෝදනාව මත සිරදඬුවම් විඳිමින් සිටි W.M. මෙන්ඩිස් ඩිස්ටිලරීස් හි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තවත් දෙදෙනකු අද රිමාන්ඩ් භාරයෙන් නිදහස් කරන ලදී.

වැලිකඩ බන්ධනාගාරයෙන් ඔවුන් නිදහස් කිරීම බන්ධනාගාර ප්‍රකාශක ගාමිණී දිසානායක තහවුරු කළේය.

වැට් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තිදෙනාට මාසහයක සිරදඬුවමක් නියම කර තිබිණි.