
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදු වූ වංචා පිළිබඳ තොරතුරු සහ ඒවායින් ප්රතිලාභ ලැබූ අයගේ නම් නුදුරේදීම රජය විසින් ප්‍රකාශයට පත්කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්කළ ආකාරය සහ එවකට සිටි ඇමැතිවරුන් සම්බන්ධ වූ ආකාරය පිළිබඳව අපි වාර්තාවක් ඉදිරිපත් කරනවා. අපි සියල්ල හෙළි කරන්නම්” යැයි සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගනුදෙනුවලින් ලාභ ලැබූ බවට මීට මාස පහකට පමණ පෙර එල්ල වූ චෝදනාව රජය සනාථ කරන්නේ කවදාදැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසා තිබිණි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්, ඒවායේ ප්‍රගතිය වත්මන් බලශක්ති අමාත්‍යවරයා විසින් කඩිනමින් සභාවට දැනුම්දෙනු ඇති බවයි.
2023 ඔක්තෝබර් 22 සිට 2024 ඔක්තෝබර් 24 දක්වා ඛනිජ තෙල් අලෙවි කිරීමෙන් බදු ආදායමෙන් රුපියල් බිලියන 265.63 ක මුදලක් උපයා ඇති බව පැවසූ අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, එම කාලය තුළ තෙල් සංස්ථාව රුපියල් බිලියන 42.04 ක ලාභයක් උපයා ඇති බවයි.
රජය නිසැකවම ඉන්ධන බද්ද අඩු කරන බව ද අමාත්‍යවරයා එහිදි පැවසුවේය.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවත්, ඉන්ධන බද්ද සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
“ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්කළ ආකාරය සහ එවකට සිටි ඇමැතිවරුන් සම්බන්ධ වූ ආකාරය පිළිබඳව අපි වාර්තාවක් ඉදිරිපත් කරනවා. අපි සියල්ල හෙළිකරනවා. විෂයභාර අමාත්‍යවරයා මේ පිළිබඳව අවධානය යොමුකරයි” යැයිද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart