February 22, 2025

පොලීසියේ කිසිඳු දුර්වලභාවයක් නොමැති බවත්, පවතින්නේ නීතියේ අඩුපාඩු බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.

ජනමාධ්‍ය අමතමින් ඔහු පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නේ නම් සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නීතියක් අවශ්‍ය බවයි. රටක ආරක්ෂාව තහවුරු කිරීමේදී සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා එවැනි අපරාධකරුවෙකු සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකා විමර්ශන කටයුතු කළ නොහැකි බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අළුතින් සැකසිය යුතු බව ද ඔහු පැවසීය. එවැනි ක්‍රියාමාර්ග නොගෙන අපරාධ මැඩලිය නොහැකි බවද වඩබලන පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. නීතියේ පවතින හිදැස වසා දැමීම සඳහා ඇතැම් අවස්ථාවල අනීතික ක්‍රියා සිදුකිරීමට සිදුව ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.