
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ සිදුවීම් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට මහජනයාට ද යුතුකමක් සහ වගකීමක් ඇති බවත් එවැනි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහසිගතභාවය ආරක්ෂා කරන බවත්, 1997 යන අංකය ඔස්සේ එවැනි තොරතුරු දැනුම්දිය හැකි බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.
රටේ වතමන් තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා පැවසුවේ අවි ආයුද සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාව පවතින බවයි.
එහිදී ටී56 ගිනි අවියක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දී එම තොරතුරු ඔස්සේ එම ආයුද සොයා ගැනිමට හැකි වුවහොත් එලෙස සොයා ගන්නා එක් ටී56 අවියක් සඳහා තොරතුරු ලබාදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් හරහා අද දිනයේදී මහජනතාව දැනුවත් කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart