February 21, 2025

අද පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ වෙළඳසැල් හිමියකු ඉලක්ක කර වෙඩිතැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි වාර්තා වේ.

මීගමුව කාමච්චෝඩි පොළේදී මෙම සිද්ධිය සිදුව ඇතැයි පැවසේ.

වෙළඳසැලේ හිමිකරු සිය වෙළඳසැල තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩිතැබීමට උත්සාහ කර තිබේ.

කෙසේවෙතත් ගිනි අවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් වෙඩිතැබීම අසාර්ථක වීම නිසා සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇත.