
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව මූල්‍ය විනයක් සහිතව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.
රටේ ආර්ථිකය ගමන් කරන දිශානතිය ගැන ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායකයා පෙන්වාදෙන්නේ, ආණ්ඩුව ඉලක්කගත ගමනක් යන බව පෙනෙන බවයි.
හෙතෙම එහිදී මෙසේද සඳහන් කළේය.
“ඇත්තෙන්ම ආණ්ඩුව මූල්‍ය විනයක් ඇතිව කටයුතු කරනවා. මම ඒ ගැන පෙරත් සඳහන් කළා. ඉලක්ක ගත ගමනක් යන බවත් පෙනෙනවා. ආණ්ඩුවේ ගමන මෙසේ වේ යැයි සිහින දකින්නන් සිටියා. ඒත් ඔවුන්ගේ සිහින ගමන නොවෙයි යථාර්ථවාදිව මූල්‍ය විනයක් ඇතිව ගමනක් යාමට මේ ආණ්ඩුව උත්සාහ කරන ආකාරයක් අපට පෙනෙනවා.”
වාහන ආනයනය මෙරට ආර්ථිකයට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇත්දැයි යන්න පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ සදහන් කළේය.
“වාහන ආනයනය පිළිබඳව මම දරන්නේ ජනප්‍රිය මතයක් නොවෙයි. පනස්දහසක ලක්ෂයක පිරිසකට වඩා අපට වටින්නේ කෝටි දෙකකට වැඩි පොදු ජනතාවයි. ඒ නිසා වාහන ගෙන එනවා නම් කළ යුතුව තිබුණේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිඵලදායක වාහන ආනයනය කිරීමයි. අද වෙන්නේ විදේශ රටවල ලක්ෂ විස්සක වාහනයක් අපේ රට තුළ රුපියල් කෝටි දෙකකට කිට්ටුව විකිණීමයි. ඒ නිසා කළ යුතුව තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමයි. ඒත් මේ ආනයනය කිරීම් ඉතාමත් කල්පනාවෙන් කළ යුතු දේවල්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart