February 21, 2025

ජා-ඇල උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් වෙඩිවැදී තුවාල ලැබූ පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයකු බවට සැකකරන බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ පපුවට වෙඩි වැදී තුවාල සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.