
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවයේ නියුතු වෛද්‍ය වෘත්තිකයන්ට බලපාන ප්‍රධාන ගැටළු ඉස්මතු කරමින් 2025 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය සිය අදහස් පළකර තිබේ.
ස්ථාවර දීමනා වෙනුවට වැඩිකළ මූලික වැටුපක් මත පදනම්ව නව වැටුප් ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණය පිළිගන්නා බව, ප්‍රකාශයක් සිදු කරමින් එම සංගමය පවසයි.
සාධාරණ මූලික වැටුපක් වඩා හොඳ විශ්‍රාම ප්රතිලාභ සහ දීමනා නිසි ලෙස ගණනය කිරීම සහතික කරන බැවින් මෙම පියවර නිවැරදි දිශාවට පියවරක් බව එම සංගමය පෙන්වා දී ඇත.
කෙසේවෙතත්, යෝජනා ක්‍රියාත්මක කිරීම වසර තුනක් ගතවීමෙන් බොහෝ රාජ්‍ය සේවකයන්ට එහි ප්රතිලාභ නොලැබෙන සහ ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කරන බව ද එම සංගමය පෙන්වාදෙයි.
මීට අමතරව, 2027 දී වැඩිකරන ලද වැටුප සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම පිළිබඳව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය රජයට ප්‍රශංසාව පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart