February 20, 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, තම වාහනය කැඳවමින් සිටියදී, ඔහුගේ රියදුරුට ‘බුරුවා’ යැයි අමතන ආකාරය දැකගත හැකිවිය.

පාතාල නායක ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ උදෑසන අධිකරණ සංකීර්ණයට පැමිණියේය.

එහිදී, ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු මහජන ආරක්ෂාව සහතික කිරීමට රජයට ඇති හැකියාව පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළහ.

ඊට ප්‍රතිචාර දැක්වීම වෙනුවට, නියෝජ්‍ය අමාත්‍යවරයා “බුරුවෝ, වරෙන්” යනුවෙන් දුරකථනයෙන් සිය රියදුරුට කෑගසන ආකාරය දැකගත හැකිවිය.

එම වීඩියෝවේම, තවත් පුද්ගලයකු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ වාහනය වහාම සොයාගන්නා ලෙස යමෙකුට උපදෙස් දෙන අයුරුද ඇසේ.