February 19, 2025

ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මිලදී ගන්නා වාර ප්‍රවේශපත්‍ර සහිත පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එම බස් රථ මගින් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර තිබේ.

නිවේදනයක් නිකුත් ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ මෙම වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

ඒ අනුව, වාර ප්‍රවේශපත්‍ර හිමියන් පැකිළිමකින් තොරව ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සියලුම ලංගම සේවකයන්ට උපදෙස් ලබා දී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

මීට අමතරව, මෙම මගීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කරන සේවකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත.

වාර ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් අපහසුතාවයට පත්වන මගීන්ට ප්‍රවාහන අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංකය වන 1958 හරහා පැමිණිලි වාර්තා කරන ලෙස ද උපදෙස් දෙනු ලැබේ.