February 18, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසයි.