
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චාවකච්චේරිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කළ සතීස් තමාලිනී නමැති 35 හැවිරිදි කාන්තාවක් සිය නිවසේ හටගත් ගින්නකින් බරපතළ පිළිස්සුම් තුවාල ලබා මියගොස් තිබේ.
නිර්වේලි ප්‍රදේශයේ පදිංචිකාරියක වන එම කාන්තාවට සය හැවිරිදි දියණියක් ද සිටින බව පොලීසිය පවසයි.
චාවකච්චේරි රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ, මියගිය කාන්තාව මාස හයක ගැබිනියක් බවයි.
මව සහ දරුවා බේරාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ද ඔවුහු පැවසූහ.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකු වන මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට සිදුකර ඇති ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ සිය බිරිඳ ඉටිපන්දමක් දල්වා ගැනීමට යෑමේදී ඇයගේ ඇඳුම ගිනිගෙන අනතුරට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත් කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, එය සියදිවි නසාගැනීමක් ද, හදිසි අනතුරක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි.
කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව ද පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart