February 16, 2025

මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න වාර්තා කර ඇත්තේ, යටවත්ත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර ඇතුළු ජවිපෙ සාමාජිකයන් පිරිසක් මාතලේ යටවත්තේ පිහිටි නිවසේදී අමල් රත්නායක නම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට තර්ජනය කළ බවයි.

මෙම තර්ජනය මිනිත්තු 22 ක් පැවති බවත්, සිද්ධියේ වීඩියෝවක් ඔස්සේ ප්‍රසිද්ධියේ හුවමාරු වන බවත් කවිරත්න මන්ත්‍රීවරිය පවසයි.

සමාජ මාධ්‍ය හරහා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පුරවැසියන්ට ඇති බවත්, විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ගන්නා උත්සාහයන් හෙළාදකින බවත් මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

මන්ත්‍රීවරිය සිය සමාජ මාධ්‍ය ගිණු පළකර ඇති එම වීඩියෝවට අනුව අදාළ පුද්ගලයා තවත් තැනැත්තකුගේ නිවෙසට ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකරයි.