
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවශ්‍ය සුදුසුකම් නොමැතිව උපදේශක විකිරණවේදියකු ලෙස පෙනීසිටි බව හෙළිවූ වෛද්‍ය වෘත්තිකයෙකුගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සහ එහි වෘත්තීය හැසිරීම් කමිටුව (PCC) ගත් පියවරට පක්ෂව අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.
උපදේශක විකිරණවේදියකු වීමට සම්පූර්ණ සුදුසුකම් නොමැතිව හෝ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයෙන් උපදේශක විකිරණවේදියකු ලෙස කටයුතු කිරීම සඳහා සහතිකය ලබානොගෙන මෙම වෛද්‍යවරයා වෛද්‍ය සහතික නිකුත් කර ඇති බව පරීක්ෂණයකින් හෙළිවී තිබේ.
අනතුරුව, වෛද්‍යවරයා තමාට වසරක සේවය අත්හිටුවීමට වෘත්තීය හැසිරීම් කමිටුව ගත් තීරණයට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකළේය.
ඔහු උපදේශක විකිරණවේදියකු ලෙස තමා හඳුන්වාදීමට රබර් මුද්‍රාවක් භාවිත කර ඇති අතර, උපදේශක විකිරණවේදියකු ලෙස කටයුතු කමින් පෞද්ගලික චැනලින් සේවාවන්ද සිදුකර ඇත.
කෙසේවෙතත් පෙත්සම්කරුට එරෙහිව පියවර ගැනීමට PCC ආයතනයට පූර්ණ බලය ඇති බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කළේය.
පරීක්ෂණය කඩිනම් කිරීම සඳහා පෙත්සම්කරු වරද පිළිගත් බව ප්‍රකාශ කළද, පෙත්සම්කරු විසින්ම එවැනි විෂමාචාරයක් සිදුකළ බවට වරද පිළිගෙන ඇති බව අධිකරණය තවදුරටත් සඳහන් කළේය.
වෘත්තීය හැසිරීම් කමිටුව මුලින් වසරක අත්හිටුවීමක් පැනවූ අතර, පසුව, දඬුවම මාස හයකට අඩු කළේය.
“ඉහත කරුණු සළකා බැලීමේදී, වෛද්‍ය ආඥා පනතේ 25(1) වගන්තිය ප්‍රකාරව වෘත්තීය හැසිරීම් කමිටුව විසින් පැවරී ඇති බලය ක්‍රියාත්මක කරමින් පෙත්සම්කරුට දඬුවමක් ලබා දී ඇති බව මෙම අධිකරණයේ අදහසයි,” යැයි පෙත්සම්කරුගේ අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් අධිකරණය තීන්දු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart