
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ප්‍රදේශ කිහිපයක සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීම්වලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ගංජා පැළ විශාල සංඛ්‍යාවක් විනාශ කළ බව එම බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්යය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ගෝනගන්දර පොලිස් වසමට අයත් යාල රක්ෂිතයේ කලාප අංක 04 ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී අක්කර තුනක පමණ භූමි ප්‍රමාණයක පැතිර තිබූ ගංජා වගා 4ක් සොයාගෙන විනාශ කර ඇත.
එහිදී අත්අඩංගුවට ගැනුණු තණමල්විල, පනාමුර සහ රිදීබැඳිඇල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 24 ත් 40 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ගෝනගන්දර පොලිස් ස්ථානයට භාරදී ඇත.
මේ අතර යාල රක්ෂිතයේ කලාප අංක 04 හි විශේෂ කාර්ය බළකායේ ලාහුගල කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී අක්කරයක ගංජා වගාවක් වටළා වියළි ගංජා කිලෝග්‍රෑම් 85 ක් සන්තකව සිටි සැකකරුවකු ඇතුළුව සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ
මෙම වැටළීමේදි අඩි හතක් පමණ උසට වැඩී තිබූ ගංජා පැල 9500ක් විනාශ කළ බව ද පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.
මීට අමතරව ලද තොරතුරකට අනුව මත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පහළ මත්තල ප්‍රදේශයේ සිදු කළ වැටළීමකදී අක්කර හතරක භූමි භාගයක වගාකර තිබූ ගංජා පැල 426ක් සොයාගැනීමට හැකිව තිබේ.
එහිදී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු ද අත්අඩංගුවට ඇති අතර සැකකරු උහුණ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart