Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලැයිස්තුගත සමාගම් 04ක් වන, SHALIMAR (MALAY) PLC, SELINSING PLC, GOOD HOPE PLC සහ INDO MALAY PLC යන සමාගම්, කොටස් වෙළෙඳපොළින් ඉවත්වීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන කාර්සන්ස් සමූහයට මෙම සමාගම් අයත් සමාගම් වේ.
මෙම සමාගම් හතර, පාම් ඔයිල් කර්මාන්තයේ නිරත සමාගම් වන අතර ඒවායේ වතු, මැලේසියාවේ පිහිටා තිබේ.
අද (17) දින මෙම සමාගම් හතරෙහි පැවති අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී මෙම තීරණය ගෙන තිබේ.
මෙම සමාගම් හතරෙහිම ප්‍රධාන කොටස්කරුවා වන්නේ Goodhope Asia Holdings Ltd සමාගමයි. එහිදී,
SHALIMAR (MALAY) PLC – 83.20% ක්,
SELINSING PLC – 95.68% ක්,
GOOD HOPE PLC – 90.91% ක්,
INDO MALAY PLC – 87.14% ක්,
ලෙසින් වන පරිදි එම සමාගම් හතරෙහි බහුතර කොටස් හිමිකාරීත්වය Goodhope Asia Holdings Ltd සතුව පවතී.
ඒ අනුව මෙම සමාගම් කොටස් වෙළෙඳපොළින් ඉවත් වන අවස්ථාවේ දී එහි සුළුපරිමාණ කොටස්කරුවන් සතු කොටස් සියල්ල මිල දී ගැනීමට Goodhope Asia Holdings Ltd සැලසුම් කර ඇත.
නෙස්ලේ ලංකා(Nestle Lanka) සමාගමද පසුගිය අප්‍රේල් මස මුලදී කොටස් වෙළෙඳපොළින් ඉවත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart