![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/RUSSIAN-WOMEN-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල විද්‍යාලයක සරඹ පුහුණු කරන ගුරුවරියකට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා පසුගිය සඳුදා (10දා) දැනුම්දුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ (වැඩබලන) ඊ.ආර්. දේවබන්දු පවසයි.
මෙම සිදුවීම පිළිබඳව විදුහල්පතිවරයා සහ ගුරුවරියගේ පාර්ශ්වයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වෙන වෙනම පැමිණිලි දෙකක් ලැබී ඇතැයිද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
දෙපාර්ශ්වයේ අදහස් සැලකිල්ලට ගෙන වාර්තාවක් සකසන ලෙසට නිලධාරීන්ට දැනුම් දුන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ගුරුවරුන් සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිර්දේශයක් ලබාදී තිබෙන බව කී පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා කොවිඩ් සමයේදී ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට සහන කාලයක් ලබාදී තිබූ බවද පැවැසීය.
මේ අතර, මෙම විදුහල මේ දිනවල සිසුන්ට සරඹ පුහුණු කිරීමට යොදාගෙන තිඛෙන බැවින් එහි ගුරුවරියක් බොටම් කලිසමකින් හා ටීෂර්ටයකින් සැරසී පාසලට පැමිණ තිබූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.
සාරියකින් සැරසී සරඹ පුහුණු කළ නොහැකි බැවින් මෙම ගුරුවරිය පහසු ඇඳුමකින් පාසලට පැම්ණ තිබූ බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
පහසු ඇඳුමින් සිටි මෙම ගුරුවරියට පාසලට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවටත්, පැමිණීමේ ලේඛනයේ අස්සන යෙදීමට ඉඩ නොදෙන බවටත් විදුහල්පතිවරයා එහිදි දැනුම් දී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
එසේම නැවත හැරේ ගොස් සාර්යකින් සැරසී පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා දන්වා තිබෙන බවත්, මෙම සිදුවීම හේතුවෙන් ඊයේ දිනයේදී එම විදුහලේ සරඹ පුහුණුවලට බාධා ඇතිව තිබූ බවත් ඔහු කීය.
එම අවස්ථාවේදී ගුරුවරිය අපහසුතාවට මුහුණ දී ඇතැයි පැවැසූ ජෝසප් ස්ටාලින්, ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ (වැඩ බලන) ඊ.ආර්. දේවබන්දුට පැමිණිලි කළ බවද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart