February 11, 2025

කතරගම නාවික හමුදා සංචාරක බංගලාවේ අද උදෑසන ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් මාතර කැකුණදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් සහ 36 හැවිරිදි පිරිමියෙකි.

උදෑසන ආහාරය පිළියෙළ කරමින් සිටියදී ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇත.

තුවාලකරුවන් කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට මාරුකර යවා ඇත.

42.31%
17.27%
32.76%