February 11, 2025

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අන්තර්ජාති මුල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මෙරට බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුව තිබේ.

ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු මෙන්ම රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳවද එහිදී කරුණු සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

අන්තර්ජාති මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය පී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලසිත ආර්.සී. පත්බේරිය, ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ සඳහා සම්බන්ධතා නිලධාරි අමිල ජේ. විජයවර්ධන ඇතුළු පිරිසක් ද එම සාකච්ඡාව සඳහා සහභාගී විය.

42.31%
17.27%
32.76%