![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/යොශිත-320x320.png)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝ ප්‍රකට Booking.com වෙබ් අඩවියට අනුව 2025 වර්ෂයේදී ලොව වඩාත්ම පිළිගැනීමට ලක්වූ නගරය ලෙස සීගිරිය නම් කර තිබේ.
සංචාරකයන්ට හිමිවන නවාතැන් ඇතුළු ආගන්තුක සත්කාර සඳහා මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන Booking.com අඩවිය මෙම අනාවරණය කර ඇත්තේ, සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමීවයි.
සුවිශේෂී ආගන්තුක සත්කාරයෙන් සහ සේවාවෙන් හැඩගැසුණු, අව්‍යාජ, මාර්ගයෙන් බැහැර වූ වික්‍රමාන්විතයන් වෙත සිගිරියේදී සංචාරකයන් වැඩි වැඩියෙන් ඇදීයන බව එහි පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ‘සංස්කෘතික ත්‍රිකෝණයේ’ හදවතෙහි පිහිටා ඇති සීගිරිය ස්වාභාවික තේජස හා ගැඹුරු ඉතිහාසයට සාක්ෂි දරන අතර එය නැරඹිය යුතුම ගමනාන්තයක් බව Booking.com පවසයි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන සීගිරිය බලකොටුව විශ්මයජනක දර්ශන ඉදිරිපත් කරන අතර පුරාණ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාවේ දීප්තිය ඉස්මතු කරයි.
5 වැනි ශතවර්ෂයේ අගභාගයේදී, කාශ්‍යප රජු සිය රාජකීය අගනුවර මෙහි පිහිටුවා, විචිත්‍රවත් බිතු සිතුවම් වලින් සරසන ලද විස්තීර්ණ මාලිගය සීගිරියට ප්‍රෞඪත්වය එක්කරයි.
එහි පැමිණෙන සංචාරකයන්ට බතික් විසිතුරු භාජන සහ අත්යන්ත්‍ර රෙදිපිළි ඇතුළු හස්ත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධ අවට ගම්මානයේ සංචාරය කළ හැකිය.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සශ්‍රීක භූ දර්ශන වන අලි නරඹන්නන්ට කදිම නැවතුමකි.
බලකොටුවට නැඟීමේ සිට ගැමි ජීවිතයේ සන්සුන් බව වැළඳගැනීම දක්වා සීගිරිය ත්‍රාසජනක හා සන්සුන්භාවයේ අමතක නොවන සම්මිශ්‍රණයක් ගෙනෙන බව Booking.com වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart