February 10, 2025

ශ්‍රී ලංකාවේ තිලාපියා මාළු සඳහා පාකිස්තානයේ විශාල ඉල්ලුමක් පවතින බව දැනගත් ධීවර අමාත්‍යාංශ නිලධාරීන් පුදුමයට පත්ව තිබේ.

අමාත්‍යංශයේදී පාකිස්ථාන මහකොමසාරිස් ෆහීම් උල් අසීස් ප්‍රමුඛ පකිස්ථාන නියෝජිත පිරිසක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මෑතකදී හමුවිය.

පාකිස්ථානයේ මිරිදිය මත්ස්‍යයන් සඳහා වැඩිවන ඉල්ලුම සහ ඒවා සැපයීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව පෙන්වාදී ඇති මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකා-පාකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ සබඳතා සඳහා තවදුරටත් යොදාගත හැකි බව සඳහන් කර තිබේ.

ජෛව තාක්‍ෂණය පිළිබඳ පාකිස්ථානයේ දියුණු විශේෂඥතාව සහ ධීවර අංශයේ නවෝත්පාදනය සහ තිරසාරභාවය සඳහා සහාය වීම සඳහා ශ්‍රී ලංකාව සමඟ දැනුම බෙදාගැනීමේ විෂය පථය පිළිබඳව ද නියෝජිත පිරිස අවධානය යොමුර ඇත.

දූපත් රාජ්‍යයක් වීම නිසා දේශීය වෙළෙඳපොළ තුළ තිලාපියා මාළු වර්ග සඳහා ඇති ඉල්ලුම ඉතා අල්පය.

පාකිස්ථානයට තිලාපියා අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව සොයාබලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

42.31%
17.27%
32.76%