February 9, 2025

මහරගම අපේක්ෂා රෝහල තුළ නවීන වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිගයක් පැවතුණද, රුපියල් බිලියන ගණනක පරිත්‍යාග ප්‍රයෝජනයට නොගෙන පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ 2023 මූල්‍ය ප්‍රකාශය පෙන්වා දී ඇත්තේ, රෝහලේ පරිත්‍යාග ගිණුමේ ඇති රුපියල් 406,243,364 මුදලක් 2022 සහ 2023 වසරවලදී කිසිදු ප්‍රයෝජනයක් සඳහා භාවිතයට ගෙන නොමැති බවයි.

2015 සහ 2019 අතර කාලය තුළ ළමා වාට්ටුවක් සහ තාප චිකිත්සක යන්ත්‍රයක් සඳහා පරිත්‍යාග කළ රුපියල් 153,540,440 ක මුදල ද අපේක්ෂිත පරිදි වියදම් කර නොතිබු බව එම වාර්තාවෙන් අනවරණ කර තිබේ.

එම යන්ත්‍රය සඳහා වන මුදල් දැන් CT සිමියුලේටරයක් ​​සඳහා යොදවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇත.

Sunday Morning වෙත අදහස් දක්වමින් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පවසා ඇත්තේ, රෝහලටම සෘජු අරමුදල් ලැබී නොමැති බවයි.

ඒ වෙනුවට පරිත්‍යාග වෙන්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණුමට බව ද ඔහු පෙන්වාදෙයි.

මෙම අරමුදල් යොදාගනිමින් CT සිමියුලේටරයක් ​​ලබාගැනීම සඳහා මේ වන විට ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද හෙතෙම පවසයි.

පසුගිය වසරේ ආරම්භ වූ මෙම ටෙන්ඩර් පටිපාටියේ මුලික අරමුණ වූයේ රුපියල් බිලියන 1 ක උපකරණ ලබාගැනීමයි.

එහෙත් ප්‍රසම්පාදනය අසාර්ථක වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පවතින අයවැයෙන් යන්ත්‍රයක් මිලදී ගැනීමට රෝහල තීරණය කර ඇත.

කෙසේවෙතත්, අමාත්‍යාංශය විසින් අධීක්‍ෂණය කරන ලද මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ, මිලදී ගැනීමට අදාළ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

42.31%
17.27%
32.76%