February 9, 2025

වාහන එකලස් කිරීම සහ ඒ ආශ්‍රිත අමතර කොටස් නිෂ්පාදන අංශය පසුගිය වසර හතර තුළ වේගයෙන්ම වර්ධනය වන කර්මාන්තවලින් එකක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කරයි.

ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, දැනට එකලස් කිරීමේ කම්හල් 17 ක් සහ අමතර කොටස් නිෂ්පාදන පහසුකම් 78 ක් ක්‍රියාත්මක වන බවත්, ඒවා සෘජු හා වක්‍ර රැකියා 20,000 ක් උත්පාදනය කරන බවත්, අපනයන හරහා රටට අමරිකානු ඩොලර් මිලියන 450ක දායකකත්වයක් ලැබෙන බවත්ය.

නියෝජ්‍ය ඇමතිවරයා මේ සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත.

“වසර 4ක් ඇතුලත වේගෙන්ම ඉදිරියට ආපු කර්මාන්තයක් තමයි වාහන එකලස් කිරීමේ කර්මාන්තය හා ඒකට නුබද්ද යෙදවුම් නිශ්පාදන කර්මාන්තය
මේ වනවිට සෘජු වක්‍ර රැකියා 20,000ක් එකලස් කරන කර්මාන්ත 17ක් අගය එකතු කරන කර්මාන්ත 78ක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. $ මිලියන 450ක් අපනයනක් සිද්ද වෙනවා.

TVS, බජාජ්, Hyundai, Proton, Cherry, JMC, Beijing වගේ ජාත්‍යන්තර සන්නාම ලංකාවෙ එකලස් වෙනවා.

මෝටර් බයිසිකල් වල 60% පමණ අගයක් දේශියව එකතු වෙනවා වගේම මෝටර් රථවලට 25%ක පමණ අගයක් එකතු වෙනවා. මේ අභිවෘද්ධිය ලබාගෙන තියෙන්න පහුගිය වසර කීපයේ කර්මාන්ත අමාත්‍යාංශයේ අඛණ්ඩව ලබාදුන් සහය හා SOP ඒක නිසා.

42.31%
17.27%
32.76%