Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය පෙබරවාරි 2 වැනි දින ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් පසු පෙබරවාරි 25 සිට 27 දක්වා කාලය තුළ ඇණවුම් කළ පළමු වාහන තොගය මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආනයනකරුවන් සියලුම වාහන කාණ්ඩ සඳහා නව ණයවර ලිපි (LC) සාර්ථකව විවෘත කර ඇති බවයි.
සියලුම වාහන කාණ්ඩ ආවරණය වන පරිදි දෙවැනි සහ තෙවැනි නැව්ගත කිරීම් මාර්තු මාසය වන විට පැමිණීමට අපේක්ෂා කෙරේ.
මෙය දිගුකාලීන ආනයන ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කරන බැවින්, කලබල වීමට අවශ්‍යතාවයක් නොමැති බව ඔහු පාරිභෝගිකයන්ට සහතික විය.
රුපියල් මිලියන 6 සිට ආරම්භ වන මිලකට වාහන ලබාගත හැකි බව හෙතෙම සඳහන් කළේය.
“සුසුකි ජපන් ඇල්ටෝ සහ සුසුකි වැගන් ආර්එෆ්එක්ස් මාදිලිවල මිල රුපියල් මිලියන 6 සිට රුපියල් මිලියන 6.5 දක්වා වෙනවා. ටොයොටා යාරිස් රුපියල් මිලියන 6.5 සිට ලබාගන්න පුළුවන්. ටොයොටා විට්ස් නිෂ්පාදකයා විසින් අත්හිටුවා තිබෙනවා. ඒ වෙනුවට ටොයොටා යාරිස් පැමිනෙණවා” ඔහු පැහැදිලි කළේය.
යුරෝපීය වාහනද මිලදී ගැනීම සඳහා ලබාගත හැකි බව ඔහු තහවුරු කළේය.
“නව වාහන සඳහා පෝලිම් ගැසීමට අවශ්‍ය නැහැ. මාර්තු මැද භාගය වන විට සියලුම මාදිලි අපගේ ප්‍රදර්ශනාගාරවලින් ලබාගන්න පුළුවන්. පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පහසුව අනුව වාහන නැරඹීමට, පරීක්ෂා කිරීමට සහ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා” ඔහු තවදුරටත් පැවසීය.
නව තොග පැමිණීමෙන් පසු, භාවිතා කළ වාහනවල මිල වර්තමාන වෙළඳපල අනුපාතවලින් 25% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart