Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආගමන විගමන දෙපාර්තමේන්තුව යාපනයේ නව කාර්යාලයක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, දෙනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ නැංවීම එම දෙපාර්තමේන්තුවේ උත්සාහයයි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, උතුරු පළාතේ පදිංචිකරුවන් සඳහා සේවා ලබාදීම ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජයේ කැපවීම පිළිබඳව අමාත්‍ය විජේපාල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ එම අමාත්‍යාංශයේ පසුගියදා පැවති හමුවකදී මේ බව අවධාරණය කළේය.
යෝජිත යාපනය ශාඛාව සඳහා නව කාර්ය මණ්ඩලයක් බඳවාගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවත්, බඳවා ගැනීමේ යෝජනාව දැනටමත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත් ඔහු එහිදී පැවසුවේය.
ඉදිරි දින කිහිපය තුළ ඒ පිළිබඳ අවසන් තීන්දුවකට එළඹීමට නියමිතව තිබේ.
මීට අමතරව, මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා යාපනය නව කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඉකුත් ජනවාරි මාසයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය 2,500 දක්වා වැඩි කරන බව ප්‍රකාශයට පත්කරන ලද අතර, එමඟින් වැඩිවන ඉල්ලුම සහ අයැදුම්කරුවන් සඳහා වන පොරොත්තු කාලය අඩුවිය.
යාපනය කාර්යාලය පිහිටුවීම උතුරු පළාතේ පදිංචිකරුවන්ට සැළකිව යුතු ප්‍රතිලාභයක් ලබාදෙන අතර, විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා වඩාත් පහසු ක්‍රමවේදයක් සලසා එම ජනතාවට කොළඹට හෝ වෙනත් දුර බැහැර කාර්යාලවලට යාමට ඇති අවශ්‍යතාවය අඩුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart