February 7, 2025

බැඳුම්කර වංචාවට තමා සම්බන්ධ නැති බව නැවත අවධාරණය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසන්නේ, තමාට ලැබීමට නියමිත වන්දි මුදල අසරණ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා යොදාගැනීමට අදහස් කරන බවයි.

‘නිව්ස්වයර්’ වෙත අදහස් දක්වමින් සුජීව සේනසිංහ පවසා ඇත්තේ, රෝහල් දෙකකට ප්‍රතිලාභ සැලසීම සඳහා ස්ථාවර තැන්පතුවක් ලෙස මෙම මුදල් තැන්පත් කිරීමට අදහස් කරන බවයි.

“මම පිළිකා රෝහලට රුපියල් මිලියන 150 ක් පරිත්‍යාග කිරීමටත්, පේරාදෙණිය රෝහලට රුපියල් මිලියන 100ක් සමඟ අමතර සහයෝගයක් ලබාදීමටත් සැලසුම් කරනවා” යැයි සුජීව සේනසිංහ පවසයි.

“ඊට අමතරව, අනාථ දරුවන්ට උපකාර කරන මගේ මවගේ පුණ්‍යායතනයට දායක වීමට මම අදහස් කරනවා” ඔහු පවසන්නේ, මුළු වන්දි මුදලම පුණ්‍ය කටයුතු සඳහා මිස පෞද්ගලික භාවිතය සඳහා ලබානොගන්නා බවයි.

රූපවාහිනී වැඩසටහනකදී කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සී.බී. රත්නායකට මෑතකදී අධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන ලෙසයි.

ඔහුගේ අදහස් දැක්වීමේදී සී.බී. රත්නායක විසින් සුජීව සේනසිංහ මතභේදාත්මක බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, තමාට අපහාස කිරීම සම්බන්ධයන් සුජීව සේනසිංහ අපහාස නඩුවක් පැවැරීය.

මේ අතර, මෙම තීන්දුවට එරෙහිව සී.බී. රත්නායක අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%