Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ මාර්ග අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින පසුබිමක් තුළ වඩාත් කාර්යක්ෂම මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ගරාජ නියාමනය කිරීමේ අවශ්‍යතාවය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව, ගරාජවල සේවය කරන පුද්ගලයින්ගේ මෙන්ම අලුත්වැඩියා කිරීමේදී භාවිත කරන උපකරණවල ප්‍රමිතිය පිළිබඳවද පරීක්ෂණ පැවැත්විය යුතු බව එම දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රධාන පරීක්ෂක සුජීව තෙන්නකෝන් ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වාදුන්නේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රථවාහන හිමියන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් මාර්ග අනතුරු ඉහළ යන බවට එල්ල වන චෝදනා සඳහා ප්‍රතිචාර දක්වමින්ය.
මාර්ග භාවිතයේ කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම සහ අනතුරු සිදුවීම වැළැක්වීම සඳහා ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ද එහිදී යෝජනා කෙරිණි.
“වාහන නිරීක්‍ෂණය කිරීමේ ඩිජිටල් මාධ්‍යයන් තිබීම මෙන්ම ඩිජිටල් රියදුරු බලපත්‍රයක් තිබීමද අප බලාපොරොත්තු වන දෙයක්” යැයි සුජීව තෙන්නකෝන් ජනමාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය.
දැනට පවතින රියදුරු බලපත්‍ර වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ යෝජනාවක් පසුගිය වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
බලපත්‍ර සඳහා රජයට වැය කිරීමට සිදුවන මුද්‍රණ පිරිවැය ඉහළ බැවින් ඩිජිටල්කරණය වඩාත් සුදුසු විසඳුමක් බවත් සුජීව තෙන්නකෝන් අවධාරණය කළේය.
මේ අතර ඇතැමුන් පදික වේදිකාවල සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පදිකයන්ට මහමග ගමන් කිරීමට සිදුවීමෙන් ද මාර්ග අනතුරු සිදුවන බව පොලිසිය පෙන්වාදෙයි.
ඇතැම් වෙළඳුන් මාර්ගවල විවිධ ව්‍යාපාර පවත්වාගෙන යෑම හේතුවෙන් පදිකයින්ට මහමග ගමන් කිරීමට සිදුවන අවස්ථා ඕනෑ තරම් තිබෙන බව රථවාහන හා මාර්ග ආරක්‍ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසීය.
“ඒ වගේම තවත් පිරිසක් තම වාහන පාරේ නවතනවා, එයින් පදිකයින් පාරේ ගමන් කිරීමට පෙළඹෙනවා වගේම වාහනවල හැපීමේ අවදානමක් ඇති කරනවා.” ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැහැදිළි කළේ, පදිකයින් මාර්ග තදබදයට නිරාවරණය වීම නිසා මෙන්ම බොහෝ පදිකයන් නිසි හරස් මාර්ග හරහා ගමන් නොකිරීම හේතුවෙන් පදිකයන් ජීවිතක්ෂයට පත්වන බවයි.
පදික වේදිකාවල වාහන නවතා තැබීමට ඉඩනොදෙන බවත් එසේ නවතා ඇති වාහන රගෙන යන බව පොලිසිය මීට පෙර ජනතාවට දැනුම් දී තිබේ.
නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ වැඩිදුරටත් පෙන්වාදුන්නේ, පොදු ප්‍රවාහනය සීමා සහිත අන්තර්ජාතික පාසල් අවට රථවාහන තදබදය ඉහළ මට්ටමක පවතින බවයි.
එවැනි පාසල් අසල සිසුන් රැගෙන යෑමට පෞද්ගලික වාහන රැසක් එකතු වන බව ද ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart