February 7, 2025

ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස් හි උප නගරයක් හරහා ගලා යන ගංඟාවක් දීප්තිමත් රතු පැහැයට හැරෙමින් තිබෙන අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් බියට පත්ව බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති ඡායාරූපවල සහ වීඩියෝවල දැක්වෙන්නේ පාරිසරික රක්ෂිතයකට මායිම්ව ඇති රියෝ ඩි ලා ප්ලාටා නම් මෝයකට දැඩි රතු වර්ණයෙන් යුත් ජලය ගලායන ආකාරයයි.

රෙදි සඳහා යොදන සායම් වර්ගයක් හෝ අසල ගබඩාවක ඇති රසායනික අපද්‍රව්‍ය මුසුවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි බලධාරීන් සැක පළකරයි.

එරට පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ වර්ණය වෙනස් වීමට හේතුව සොයාගැනීම සඳහා සාරන්ඩි ගංඟාවෙන් ජල සාම්පල ලබාගෙන ඇති බවයි.

42.31%
17.27%
32.76%