February 7, 2025

රේගුව නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති රඹුක්කන ප්‍රදේශයේ පදිංචි මොහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකි.

පසුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ ඇප මත මුදාහැර ඇත.

එහිදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කර තිබේ.

42.31%
17.27%
32.76%