Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 වසරේදී සිවලෝගනාදන් විද්‍යා නමැති දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් එම චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ.
ඒ අනුව එම අභියාචනා 2025 අගෝස්තු මස 25 වැනි දින සළකා බැලීමට නියම කර ඇත.
මෙම නඩුව අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
2017 සැප්තැම්බර් 27 වැනිදා 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුව විභාග කළ යාපනය මහාධිකරණය එම නඩුවේ ප්‍රධාන සැකකරු වන ‘ස්විස් කුමාර්’ ඇතුළු විත්තිකරුවන් 07 දෙනාට මරණ දඬුවම නියම කර තිබිණි.
රට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ එම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 07 දෙනාට මරණ දණ්ඩනය නියම කළ අතර, වින්දිතයාගේ පවුලට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස චූදිතයින්ට නියම කෙරිණි.
මරණීය දණ්ඩනයට අමතරව සැකකරුවන්ට තවත් වසර 30ක සිරදඬුවමක් ද නියම කර තිබේ.
පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය 2015 මැයි 13 වැනි දින පාසල නිමවී නිවස බලා යමින් සිටියදී යාපනයේදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබිණි.
කෙසේවෙතත් අදාළ දඩුවම් නියම කර ඇත්තේ නීතියට පටහැනිව බව ප්‍රකාශ කරමින් එම චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනා පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart