February 6, 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනීසිටිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

සැකකරු CIDයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු (SI) ලෙස පෙනීසිටිමින් විවිධ පුද්ගලයන් බියගන්වා මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ලැබීමෙන් පසු ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිලි සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඒ අනුව, පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසු, සැකකරු පෙබරවාරි 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

42.31%
17.27%
32.76%