![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/PILLAYAN-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථානයේ එකම කාන්තා ගුවන් විදුලි මධ්‍යස්ථානය වූ රේඩියෝ බෙගම් හි මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබේ.
ඒ, තලෙයිබාන් පාලනය විසිනි.
තලේබාන් සාමාජිකයන් එම රේඩියෝ පරිශ්‍රය වටළා ඒ වෙත කඩාවැදී එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
2021 තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලාගත් දා සිට කාන්තාවන් පොදු ජීවිතයෙන් සහ සමාජයෙන් බැහැරකරමින් සිටින මෙය එහි තවත් පියවරකි.
කාබුල් හි පිහිටි රේඩියෝ බෙගම්, කාන්තා අධ්‍යාපනය ඉලක්ක කරගත් අන්තර්ගතය සහිත කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයක් බව පැවසේ.
තලේබාන් තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන් එහි පරිශ්‍රය සෝදිසි කර එහි කාර්ය මණ්ඩලයට පැමිණීම සීමාකළ බව පැවසීය.
එම නිලධාරීන් බෙගම් කාන්තා ජනමාධ්‍යවේදිනියන් ඇතුළු බෙගම් කාර්ය මණ්ඩලයේ පරිගණක, ලිපිගොනු සහ දුරකථන සිය භාරයට ගෙන ඇති අතර, කිසිදු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයක් නොලබන සංවිධානයේ පිරිමි සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එම බෙගම් රේඩියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
තලේබාන් තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය පැවසුවේ විකාශන ප්‍රතිපත්තිය සහ බලපත්‍රය අනිසි ලෙස භාවිත කිරීම, උල්ලංඝනය කිරීම් මෙන්ම විදේශීය රූපවාහිනී නාලිකාවකට අන්තර්ගතය සහ වැඩසටහන් අනවසරයෙන් සැපයීම ඇතුළුව කරුණු කිහිපයක් හේතුවෙන් රේඩියෝවේ මෙහෙයුම් අත්හිටවූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart