February 5, 2025

වාහන අලෙවිකරුවකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීතිවිරෝධී ලෙස ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් ආනයනය කර එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙනි.

රේගුවේ අවසරයකින් තොරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරයි.

මෙම සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා, නීතිවිරෝධී ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ චෝදනාව මත ව්‍යාපාරිකයා මොරොන්තුඩුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු පෙබරවාරි 7 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

42.31%
17.27%
32.76%