![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/LAND-CRUISER-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි දේශපාලන කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන් සමඟ ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්විණි.
පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම, රජයේ සාධනීය පියවර සඳහා සහාය දැක්වීම සහ හානිකර ප්‍රතිපත්තිවලට එරෙහිවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයක අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර තිබේ.
මෙම රැස්වීමේ මූලික අරමුණ වූයේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවකට පැමිණීමයි.
පාර්ලිමේන්තු කාරක සභාවල වැදගත්කම ද මෙහිදී පෙන්වාදුන් විපක්ෂ නායකවරයා ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වී තිබේ.
මෙම රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර ජනවාරි 29 වනදා පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
ගයන්ත කරුණාතිලක, ජේ.සී අලවතුවල, අජිත් පී පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී.සතියලිංගම්, ඒ.අඩෙයික්කලම්, රංකුමාර්කම්, වී.රාධක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, කාදර් මස්තාන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart